Sinhalese - සිංහල
රථවාහන පැදවීමේ පරීක්ෂණ තොරතුරු සිංහලෙන්
myVicRoads ගිණුමක් සමඟින් වැඩියෙන් මාර්ගගතව කටයුතු කරන්න
ඔබේ ලියාපදිංචිය ගෙවීමට, ඔබේ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට, ඔබේ වාහන ගැන සියලු තොරතුරු වෙත ප්‍රවේශ වීමට හෝ ඔබේ පුද්ගලික තොරතුරු මාර්ගගතව යාවත්කාලීන කිරීමට ඉතාමත්ම ඉක්මන් ක්‍රමය වන්නේ එය myVicRoads ගිණුම හරහා කිරීමය. නොමිලේ ලියාපදිංචි වන්න!
myVicRoads ගිණුමක් සකස් කර ගන්න
ඔබගේ හමුවීම සඳහා ඔබ රැගෙන ආ යුතු දේ
ආධුනික අවසරපත (Learner Permit) සඳහා පරීක්ෂණය, අනතුරු හඳුනාගැනීමේ පරීක්ෂණය හෝ රථවාහන පැදවීමේ පරීක්ෂණය සඳහා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක දී (Customer Service Centre) සිදුවන හමුවීමට ඔබ රැගෙන ආ යුතු දේ පිළිබඳව තොරතුරු මෙම පිටුවෙන් ඔබට දැක ගත හැකිය.
භාෂණ පරිවර්තකයෙකු හෝ භාෂා පරිවර්තකයෙකු උපයෝගි කර ගැනීම
ඔබට ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් කතා කිරීමට අවශ්‍ය නම්, භාෂණ පරිවර්තකයෙකු හෝ පරිවර්තකයෙකු ඇමතීමට හැකිය.
මා භාෂණ පරිවර්තකයෙකු උපයෝගි කර ගන්නේ කෙසේද?
හමුවීමකට දිනයක් වෙන්කර ගැනීමට හෝ ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර ගැනීමට ඔබට උදවු අවශ්‍ය නම්, ඔබට ඔබේ පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් හෝ VicRoads කාර්යාලයෙන් උපකාර ලබා ගත හැකිය.
ඔබට භාෂණ පරිවර්තකයෙකු හෝ VicRoads පරීක්ෂණයට පෙනී සිටීමට සහාය අවශ්‍ය නම් VicRoads පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට (Customer Service Centre) (External link) යාමට අවශ්‍ය වන අතර එය ඔබ වෙනුවෙන් වෙන් කරවා දීමට අපට හැකිය.
කථන හා ශ්‍රවණ දුබලතා
ඔබට කථන හෝ ශ්‍රවණ දුබලතාවක් ඇත්නම්, Auslan භාෂණ පරිවර්තකයෙකු ඔබගේ පරීක්ෂණය සඳහා උපයෝගි කරගත හැකිය.
දුරකථනය ඔස්සේ අපට කතා කිරීමට, National Relay Service (External link) හරහා අප අමතන්න.
- TTY භාවිතා කරන්නන් - අමතන්න 13 36 77 ඉන්පසු 13 11 71 ඉල්ලන්න
- Speak and Listen භාවිතා කරන්නන් - අමතන්න1300 555 727ඉන්පසු 13 11 71ඉල්ලන්න
ඔබගේ රියදුරු බලපත්‍රය, ආධුනික අවසරපත හෝ ලියකියවිලි පරිවර්තනය කිරීම
ඔබගේ රියදුරු බලපත්‍රය හෝ ආධුනික අවසරපත (Learner Permit) ඉංග්‍රීසි භාෂාවෙන් නොවේ නම්, ඔබ එය NAATI ආයතනය විසින් පිළිගත් පරිවර්තකයෙකු (External link), හෝ ඔස්ට්‍රේලියාවේ කොන්සල් කාර්යාලයක් වෙතින් පරිවර්තනය කරවා ගන්න.
ගාස්තු අදාළ විය හැකිය.
විදේශ රියදුරු බලපත්‍රයක පරිවර්තනයක් වෙනුවට දැනට පවත්නා ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් ද පිළිගත හැකිය.
ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය විදේශීය රියදුරු බලපත්‍රය නිකුත් කළ රටෙන් නිකුත් කර තිබිය යුතුය.
නිර්දේශිත භාෂණ පරිවර්තකයින් සහ භාෂා පරිවර්තකයින්
NAATI ආයතනය විසින් පිළිගත් පහත දැක්වෙන පරිවර්තකයින් අපි නිර්දේශ කරන්නෙමු:
ආධුනික අවසරපත (Learner Permit) සඳහා පරීක්ෂණය පෞද්ගලිකව මුණගැසී පැවැත්වීම
ගෙන ඒමට අමතක නොකරන්න:
- ඔබගේ ඉහත හමුවීම සනාථ කිරීමේ පිටපතක්.
මෙය මුද්‍රණය කිරීමට හෝ ඔබේ දුරකථනයෙන් පෙන්වීමට හැකිය.
- සම්පුර්ණ කරන ලද බලපත්‍රයක් හෝ ආධුනික අවසරපත (Learner Permit) සඳහා අයදුම්පතක් PDF.
- අනන්‍යතාව පිළිබඳ ඔබේ මුල් පිටපත්වල සාක්ෂි.
- ඔබ වික්ටෝරියාවේ ජීවත් වන බවට සාක්ෂි.
- ඔබේ වික්ටෝරියානු ලිපිනය පිළිබඳ සාක්ෂි (උදා. බැංකු ප්‍රකාශයක්, උපයෝගිතා බිල්පතක් හෝ කුලී ගිවිසුමක්) ඔබ සතුව නොමැති නම්, බලපත්‍ර අයදුම්පත මත වික්ටෝරියානු පදිංචි ප්‍රකාශය යමෙකුගේ අත්සනින් ලබා ගැනීමට වග බලා ගන්න.
- ඔබගේ මුල් විදේශ රියදුරු බලපත්‍රය
- ඔබේ බලපත්‍රයේ NAATI ආයතනය විසින් අනුමත කළ ඉංග්‍රීසි පරිවර්තනයක් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් (අවශ්‍ය වන්නේ ඔබේ රියදුරු බලපත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම් පමණි)
- ඔබේ ඇස් කණ්නාඩි හෝ අක්ෂි කාච (ඒවා ඔබගේ ඇස් පෙනීම පරීක්‍ෂාකර ගැනීමට අවශ්‍ය නම්).
- ඕනෑම වෛද්‍ය වාර්තාවක් (ඔබට අසනීප තත්ත්වයක් ඇත්නම් හෝ ඔබේ රිය පැදවීමේ හැකියාවට බලපෑම් කළ හැකි නිර්දේශිත ඖෂධ පාවිච්චි කරන්නේ නම්).
- අවශ්‍ය ගාස්තු සඳහා ගෙවීම.
ඔබගේ පරීක්ෂණ සඳහා සුදානම් වන්නේ කෙසේද
road to solo driving handbook කියවන්න, නැතිනම් ප්‍රායෝගික පරීක්ෂණයක් කරන්න
ඔබගේ හමුවීම වෙනත් වේලාවකට මාරු කරන්නේ කෙසේද
ඔබට හමුවීම වෙනත් වෙලාවකට මාරු කර ගැනීමට අවශ්‍ය නම්, ගෙවිය යුතු ගාස්තුවක් සමඟ පැය 24ක දැනුම් දීමක් අවශ්‍ය වේ.
හමුවීම සඳහා වෙන් කිරීමක් කළ පසු, එය වෙනස් කළ හැක්කේ එම හමුවීම සැකසුම් කළ පුද්ගලයාට පමණි.
ඔබට රෝගී තත්ත්වයක් තිබේද?
ඔබගේ රිය පැදවීමේ හැකියාවට බලපෑම් ඇති කරන නිර්දේශිත ඖෂධ ඔබ පාවිච්චි කරන්නේ නම් හෝ රෝගී තත්ත්වයක් ඔබට තිබේ නම්, ඒ බව අපට පවසා අදාළ වෛද්‍ය වාර්තා ලබාදිය යුතුය.
හමුවීම සඳහා ආරක්ෂිත මෙහෙයුම් ක්‍රියාපටිපාටි
සියලුම පාරිභෝගිකයින්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන (Customer Service Centres) තුළ දැඩි සනීපාරක්ෂක ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කෙරේ.
අසනීප තත්වයේ පසුවන කිසිවෙකු හමුවීමක් සඳහා සහභාගී නොවිය යුතුය.
පෞද්ගලිකව මුණගැසී අනතුරු හඳුනාගැනීමේ පරීක්ෂණය පැවැත්වීම
ගෙන ඒමට අමතක නොකරන්න:
- ඔබගේ ඉහත හමුවීම සනාථ කිරීමේ පිටපතක්.
මෙය මුද්‍රණය කිරීමට හෝ ඔබේ දුරකථනයෙන් පෙන්වීමට හැකිය.
- ඔබගේ ආධුනික අවසරපත්‍රය (Learner Permit) හෝ අනන්‍යතාව පිළිබඳ සාක්ෂියක්
- ඔබගේ මුල් විදේශ රියදුරු බලපත්‍රය (අදාළ නම්).
- NAATI ආයතනය විසින් අනුමත කළ ඔබේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ පරිවර්තනයක් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් (අවශ්‍ය වන්නේ ඔබේ විදේශ රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම් පමණි)
ඔබගේ පරීක්ෂණ සඳහා සුදානම් වන්නේ කෙසේද
අපගේ අනතුරු හඳුනාගැනීමේ පරීක්ෂණය කරන්න
ඔබගේ හමුවීම වෙනත් වේලාවකට මාරු කරන්නේ කෙසේද
ඔබට ඔබගේ හමුවීම වෙනත් වෙලාවකට මාරු කර ගැනීමට අවශ්‍ය නම්, ගෙවිය යුතු ගාස්තුවක් සමඟ පැය 24 ක දැනුම් දීමක් අවශ්‍ය වේ.
හමුවීම සඳහා වෙන් කිරීමක් කළ පසු එය වෙනස් කළ හැක්කේ එම හමුවීම සැකසුම් කළ පුද්ගලයාට පමණි.
හමුවීම සඳහා ආරක්ෂිත මෙහෙයුම් ක්‍රියාපටිපාටි
සියලුම පාරිභෝගිකයින්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන (Customer Service Centres) තුළ දැඩි සනීපාරක්ෂක ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කෙරේ.
අසනීප තත්වයේ පසුවන කිසිවෙකු හමුවීමක් සඳහා සහභාගී නොවිය යුතුය.
රථවාහන පැදවීමේ පරීක්ෂණය
ගෙන ඒමට අමතක නොකරන්න:
- ඔබගේ ඉහත හමුවීම සනාථ කිරීමේ පිටපතක්.
මෙය මුද්‍රණය කිරීමට හෝ ඔබේ දුරකථනයෙන් පෙන්වීමට හැකිය.
- අනන්‍යතාව පිළිබඳ ඔබේ මුල් පිටපත්වල සාක්ෂි
- සුදුසු වාහනයක්.
- ඔබගේ මුල් විදේශ රියදුරු බලපත්‍රය
- ඔබේ බලපත්‍රයේ NAATI ආයතනය විසින් අනුමත කළ ඉංග්‍රීසි පරිවර්තනයක් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් (අවශ්‍ය වන්නේ ඔබේ රියදුරු බලපත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම් පමණි)
- ඔබේ ඇස් කණ්නාඩි හෝ අක්ෂි කාච (ඒවා ඔබගේ ඇස් පෙනීම පරීක්ෂා කර ගැනීමට සහ රථවාහන පැදවීමේ පරීක්ෂණයට අවශ්‍ය නම්).
- අවශ්‍ය ගාස්තු සඳහා ගෙවීම.
- ඔබගේ සම්පූර්ණ කරන ලද ලොග් පොත හෝ ඔබ වයස අවුරුදු 21 ට අඩු නම් MyLearners යෙදවුමේ (ඇප් එක) (External link) ඔබේ පැය ගණන සම්පූර්ණ කර තිබීම.
ඔබගේ පරීක්ෂණ සඳහා සුදානම් වන්නේ කෙසේද
රථවාහන පැදවීමේ පරීක්ෂණයේ පිරික්සුම් ලැයිස්තුව කියවන්න
ඔබට රෝගී තත්ත්වයක් තිබේද?
ඔබගේ රිය පැදවීමේ හැකියාවට බලපෑම් ඇති කරන නිර්දේශිත ඖෂධ ඔබ පාවිච්චි කරන්නේ නම් හෝ රෝගී තත්ත්වයක් ඔබට තිබේ නම්, ඒ බව අපට පවසා අදාළ වෛද්‍ය වාර්තා ලබාදිය යුතුය.
හමුවීම සඳහා ආරක්ෂිත මෙහෙයුම් ක්‍රියාපටිපාටි
සියලුම පාරිභෝගිකයින්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන (Customer Service Centres) තුළ දැඩි සනීපාරක්ෂක ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කෙරේ.
අසනීප තත්වයේ පසුවන කිසිවෙකු හමුවීමක් සඳහා සහභාගී නොවිය යුතුය.
අනන්‍යතාව පිළිබඳ සාක්ෂි
අනන්‍යතා ලියවිලි වර්ග
වාහනයක් ලියාපදිංචි කරන විට හෝ ඔබගේ රියදුරු බලපත්‍රය ලබා ගන්නා විට ඔබගේ අනන්‍යතාව පිළිබඳ මුල් සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔබට සිදුවනු ඇත.
ඔබගේ අනන්‍යතාව සනාථ කර ගැනීමට පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට (Customer Service Centre) ගොස් මුණගැසීම සිදු කළ යුතුය.
අදාළ ලියවිලි නොමැතිව ඔබගේ අයදුම්පත සම්පුර්ණ කිරීමට ඔබට නොහැකි වනු ඇත.
මට අවශ්‍ය වන්නේ කුමන අනන්‍යතා ලියවිලිද?
යම් අයදුම්පතක් ලබා දීමට ඔබට වඩාත්ම අවශ්‍ය වන්නේ:
- A කාණ්ඩයේ සාක්ෂි ලියවිල්ලක් (පැවැත්ම පිළිබඳ සාක්ෂි සහ අනන්‍යතාව සහ අයදුම්කරු අතර සම්බන්ධය. උදා: ගමන් බලපත්‍රය හෝ සම්පූර්ණ ඔස්ට්‍රේලියානු උප්පැන්න සහතිකය - , ඡායා පිටපත් හෝ සහතික කළ පිටපත් වෙනුවට මුල් පිටපත් අවශ්‍ය වේ)
- B කාණ්ඩයේ සාක්ෂි ලියවිල්ලක් (ප්‍රජාව තුළ එම අනන්‍යතාවය භාවිතා කළ බවට සාක්ෂි. උදා: Medicare හෝ බැංකු කාඩ්පත)
- වික්ටෝරියාවේ පදිංචිය පිළිබඳ සාක්ෂි (ඔබේ ලිපිනය A කාණ්ඩයේ හෝ B කාණ්ඩයේ ලියවිලිවල නොපෙන්වන්නේ නම්)
- නම වෙනස් කිරීම පිළිබඳ සාක්ෂි (A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ ලියවිලිවල ඔබේ නම වෙනස් ආකාරයෙන් පෙන්නුම් කරන්නේ නම්).
අසත්‍ය සහ/හෝ නොමඟ යවන සුළු තොරතුරු හෝ ලියවිලි සැපයීම Road Safety Act 1986 සහ/ හෝ Marine Safety Act 2010 යටතේ බරපතල වරදක් වන අතර එමඟින් ඔබට දඩයක් ගෙවීමට හෝ සිරගත වීමට සිදු විය හැකිය.
ඔබ එවැනි තොරතුරු/ලියවිලි ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙන ලද යම් අවසරයක් හෝ අනුමැතියක් ආපසු හැරවිය හැකි අතර ඉන්පසු එහි වලංගුතාවක් නොමැති වනු ඇත.
පිළිගත හැකි හඳුනා ගැනීමේ ලියවිලි
ඔබේ A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ ලියවිලි වල ඇති නම, ඔබේ වාසගම සහ මුල් නම සම්පුර්ණයෙන්ම සහ එකම අනුපිළිවෙලකින් දැක්විය යුතුය.
- ඔබට පළමු නම් (ලබා දී ඇති නම්) එකකට වඩා තිබේ නම්, මුල්ම නම ලියවිලි දෙකෙහිම තිබිය යුතුය.
- ඔබට වාසගම් (පෙළපත් නම්) එකකට වඩා තිබේ නම්, සියලුම නම් ලියවිලි දෙකෙහිම තිබිය යුතුය.
වෙනත් පුද්ගලයෙක් හෝ සමාගමක් වෙනුවෙන් කටයුතු කිරීම
වෙනත් කෙනෙකු වෙනුවෙන් වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ අත්සන් කරන ලද නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කිරීමේ අවසරය ගැනීමේ ආකෘති පත්‍රයකි (Authority to Act as an Agent form) [PDF 253 Kb] (External link).
වැඩි විස්තර සඳහා වෙනත් කෙනෙකු වෙනුවෙන් ලියාපදිංචිය (External link) වෙත යන්න.
A කාණ්ඩයේ ලියවිලි
ඔබගේ වාසගම, පළමු නම සහ උපන් දිනය A කාණ්ඩයේ ලියවිලිවල සඳහන් විය යුතුය.
මෙම ලියවිලි දැනට පවත්නා ඒවා හෝ අවලංගු වී ඇත්නම් එම කාලය වසර දෙකකට වඩා අඩු විය යුතුය.
පිළිගත හැකි A කාණ්ඩයේ ලියවිලි
- ඡායාරූපයක් සහිත ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය හෝ ආධුනික අවසරපත (Learner Permit) ඡායාරූප කාඩ්පත.
- වික්ටෝරියානු නාවික බලපත්‍ර ඡායාරූප කාඩ්පත.
- වික්ටෝරියානු ගිනි අවි බලපත්‍ර ඡායාරූප කාඩ්පත.
- වික්ටෝරියානු ආරක්ෂක භට/ ජන සමූහ පාලක ඡායාරූප කාඩ්පත.
- ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය
- විදේශ ගමන් බලපත්‍රය (අවලංගු වී වසර දෙකකට වඩා කල් ඉකුත් වී ඇත්නම් දැනට පවත්නා ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සමඟ එය පිළිගත හැකිය).
- Passport Office විසින් නිකුත් කළ හඳුනා ගැනීමේ සහතිකය.
- Passport Office විසින් නිකුත් කළ සම්මුති සංචාරක ලියවිල්ල.
- Passport Office විසින් නිකුත් කළ හඳුනා ගැනීමේ ලියවිල්ල (සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ නෝෆෝක් දුපතට සංචාරය කරන පුද්ගලයන්ටය).
- ඔස්ට්‍රේලියානු පොලිස් බලකායේ නිලධාරී ඡායාරූප හැඳුනුම්පත
- Department of Foreign Affairs and Trade විසින් නිකුත් කළ කොන්සල් ඡායාරූප හැඳුනුම්පත
- උප්පැන්න, මරණ සහ විවාහ (Births, Deaths and Marriages) ලේඛන කාර්යාලයකින් නිකුත් කරන ලද සම්පූර්ණ ඔස්ට්‍රේලියානු උප්පැන්න සහතිකය (සටහන: උප්පැන්නයේ සාරාංශයක් සහ සමරු උප්පැන්න සහතික භාර නොගනී)
- ඔස්ට්‍රේලියානු ස්වාභාවිකකරණය හෝ පුරවැසි සහතිකය හෝ ඔස්ට්‍රේලියාවට සංචාරය කිරීම සඳහා ලියවිල්ලක් හෝ ImmiCard පතක් (අවලංගු වී අවුරුදු 2 දක්වා කල් ඉකුත් වී ඇති), ඒවා නිකුත් කරන ලද්දේ Department of Immigration and Citizenship විසින් හෝ Passport Office විසින් ය.
- NSW ඡායාරූප කාඩ්පත (NSW RMS විසින් 2008 දෙසැම්බර් 14 න් පසුව නිකුත් කරන ලද).
- උප්පැන්න කාඩ්පත (NSW RMS විසින් 2008 වසරේ අගෝස්තු මාසයට පෙර නිකුත් කරන ලද)
කරුණාකර සැලකිල්ලට ගන්න: නොමඟ යවන සුළු තොරතුරු හෝ ලියවිලි සැපයීම Road Safety Act 1986 සහ/ හෝ Marine Safety Act 2010 යටතේ බරපතල වරදක් වන අතර එමඟින් ඔබට දඩයක් ගෙවීමට හෝ සිරගත වීමට සිදු විය හැකිය.
ඔබ එවැනි තොරතුරු/ලියවිලි ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙන ලද යම් අවසරයක් හෝ අනුමැතියක් ආපසු හැරවිය හැකි අතර ඉන්පසු එහි වලංගුතාවක් නොමැති වනු ඇත.
B කාණ්ඩයේ ලියවිලි
දැනට පවත්නා පහත දැක්වෙන ලියවිලිවලින් එකක්.
- ප්‍රාන්ත හෝ ෆෙඩරල් රාජ්‍ය සේවක ඡායාරූප හැඳුනුම්පත.
- Medicare කාඩ්පත.
- Department of Veterans Affairs කාඩ්පත
- Pensioner Concession කාඩ්පත.
- Commonwealth මගින් නිකුත් කළ වත්මන් හිමිකම් කාඩ්පත.
- ශිෂ්‍ය හැඳුනුම්පත
- ඕනෑම ඔස්ට්‍රේලියානු හෝ විදේශීය ණයපතක් හෝ බැංකුවකින්, ගොඩනැගිලි සමාජයකින් හෝ ණය සංගමයකින් නිකුත් කළ ගිණුම් කාඩ්පත.
- ළමුන් සමග කටයුතු කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ (Working with Children Check) කාඩ්පත.
- ඔස්ට්‍රේලියානු වයස සහතික කිරීමේ කාඩ්පත.
- ඔස්ට්‍රේලියානු Keypass කාඩ්පත
- Australian Defence Force ඡායාරූප හැඳුනුම්පත (සිවිල් කාර්ය මණ්ඩලය හැර).
හෝ
වසරකට වඩා පැරණි නොවූ මෙම ලියවිලි වලින් එකක් (උපාංගයකට අදාළ ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශ (උදා: ජංගම දුරකථනය හෝ ටැබ්ලටය) සහ අන්තර්ජාල මුද්‍රිත ප්‍රකාශ පිළිගත හැකිය):
- ආයතන ලිපි ශීර්ෂය හෝ නිලමුද්‍රාව පෙන්නුම් කරන පාස්පොතක් හෝ බැංකු ගිණුම් ප්‍රකාශයක්
- ආයතන ලිපි ශීර්ෂය හෝ නිලමුද්‍රාව පෙන්නුම් කරන දුරකථන, ගෑස් හෝ විදුලි බිල්පත්
- ATO, Centrelink, බැංකු සහ Medicare ආයතනයන් මගින්, ආයතන ලිපි ශීර්ෂය හෝ නිලමුද්‍රාව පෙන්නුම් කරමින් නිකුත් කළ ලිපි.
හෝ
වසර දෙකකට වඩා පැරණි නොවූ මෙම ලියවිලිවලින් එකක්:
- ජල ගාස්තු, කවුන්සිල ගාස්තු (council rates) හෝ ඉඩම් ඇගයීම් දැන්වීම
- මැතිවරණ ලියාපදිංචි කිරීමේ කාඩ්පත හෝ ලියාපදිංචිය පිළිබඳ වෙනත් සාක්ෂි
- යුධ හමුදා සේවයෙන් නිදහස් කිරීමේ ලියකියවිලි
- වර්තමාන Victorian Driving Authority ඡායාරූප හැඳුනුම්පත.
C කාණ්ඩයේ ලියවිලි - ලිපිනය වෙනස් කිරීම
ඔබේ A කාණ්ඩයේ හෝ B කාණ්ඩයේ සාක්ෂි ලියවිලිවල ඔබේ වික්ටෝරියානු පදිංචි ලිපිනය නොපෙන්වන්නේ නම් හෝ වෙනස් ලෙස පෙන්වන්නේ නම් ඔබට පහත සඳහන් ලියකියවිලි වලින් එකක් අවශ්‍ය වනු ඇත:
- ඔබේ වර්තමාන ලිපිනය පෙන්නුම් කරන විකිණීමේ ගිවිසුම, කුලී ගිවිසුම හෝ කුලී ගිවිසුම් ලියවිල්ල
- රියදුරු බලපත්‍රයක් හෝ වාහන ලියාපදිංචි කිරීම සඳහා දැනට වලංගු අලුත් කිරීමේ දැන්වීම
- Australian Taxation Office Assessment (පසුගිය හෝ වත්මන් මූල්‍ය වර්ෂය සඳහා)
- ඔබේ වර්තමාන ලිපිනය පෙන්නුම් කරන A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ වෙනස් ආකාරයේ ලියවිල්ලක්.
ඔබේ වික්ටෝරියානු පදිංචිය පිළිබඳ සාක්ෂි තවමත් තහවුරු කර ගැනීමට ඔබට නොහැකි නම්, ඔබ නිර්දේශකයෙකුගේ ප්‍රකාශයක් ලබා දිය යුතුය:
- ඔබව මාස 12 ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ දැන හඳුනන වික්ටෝරියානු රියදුරු බලපත්‍රලාභියෙකු විසින් එය අත්සන් කළ යුතු අතර, නිර්දේශකයාගේ නම, බලපත්‍ර අංකය සහ අත්සන් ඇතුළත් විය යුතුය.
- මෙම ප්‍රකාශය ආධුනික බලපත්‍රය (Learner Permit) හෝ බලපත්‍ර අයදුම් පත්‍රය මත කළ හැකිය.
D කාණ්ඩයේ ලියවිලි - නම වෙනස් කිරීම
A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ ලියවිලිවල ඔබේ නම වෙනස් ආකාරයෙන් පෙන්නුම් කරන්නේ නම්, ඔබට පහත දැක්වෙන ලියවිලි අවශ්‍ය වනු ඇත.
- ඔස්ට්‍රේලියාවේ දී උපත්, මරණ සහ විවාහ (Births, Deaths and Marriages) රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් නිකුත් කරන ලද විවාහ සහතිකය.
- දික්කසාද ලියවිලි (නම ආපසු හරවන බව පෙන්නුම් කරන)
- Deed Poll (1986 වසරේ නොවැම්බර් මාසයට පෙර වික්ටෝරියාවේ දී නිකුත් කරන ලද)
- නම වෙනස් කිරීමේ සහතිකය (Change of name Certificate) (1986 වසරේ නොවැම්බර් මාසයට පෙර වික්ටෝරියාවේ දී නිකුත් කරන ලද)
සමාගමක් සඳහා හඳුනා ගැනීමේ ලියවිලි
සමාගමක් සඳහා වාහනයක් ලියාපදිංචි (registered) කළ යුතු නම්, පහත දැක්වෙන දේවල් අවශ්‍ය වේ:
- ඔස්ට්‍රේලියානු සමාගම් අංකය (Australian Company Number) (ACN)
- ලියාපදිංචි (registered) වූ විට, සෑම ඔස්ට්‍රේලියානු සමාගමකටම ඉලක්කම් නවයකින් යුත් අනන්‍ය අංකයක් ලැබෙන අතර එය ඔස්ට්‍රේලියානු සමාගම් අංකය (Australian Company Number) ලෙස හැදින්වෙයි.
මෙම අංකය සමාගම* විසින් හෝ සමගම වෙනුවෙන් නිකුත් කරන ලද, අත්සන් කරන ලද හෝ ප්‍රකාශයට පත් කරන ලද සෑම ප්‍රසිද්ධ ලියවිල්ලකම සඳහන් විය යුතුය, නැත්නම්
- ලියාපදිංචි වීමේ සහතිකය (Certificate of Registration)
- එමෙන්ම ACN, ASIC විසින් සෑම ලියාපදිංචි (registered) සමාගමක් සඳහා නිකුත් කරන ලද ලියාපදිංචි වීමේ සහතිකයක් (Certificate of Registration), හෝ
- සංස්ථාගත කිරීමේ සහතිකය (Certificate of Incorporation).
* ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික අංකය (Australian Business Number) (ABN) ACN අංකයට වඩා වෙනස් ය.
ABN යනු ඉලක්කම් එකොළහකින් යුත් අනන්‍ය අංකයක් වන අතර එය Australian Taxation Office සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාරික කටයුතුවලදී භාවිත කෙරේ.
ලියාපදිංචි (registered) සමාගම් සහ ව්‍යාපාර ආයතනවලට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කටයුතු සඳහා ABN අංකයක් ඉල්ලුම් කළ හැකිය.
සටහන: ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික අංක (Australian Business Numbers) (ABN) අංකයන් යම් ආයතනයක් සංස්ථාපිත ආයතනයක් බව සනාථ කිරීමට පිළිගත හැකි සාක්ෂි නොවේ.
සමාගමක් වෙනුවෙන් කටයුතු කිරීම
ඔබ පහත දැක්වෙන දේ ලබාදිය යුතුය:
- A කාණ්ඩයේ හෝ B කාණ්ඩයේ හඳුනා ගැනීමේ ලියවිල්ලේ සාක්ෂියක්
- සමාගම් අධ්‍යක්‍ෂවරයා විසින් හෝ සංස්ථාපිත ලිපි ශීර්ෂයේ සමගම විසින් සහතිකළ ලිපියේ මුල් පිටපතක්.
- එහි පහත දැක්වෙන තොරතුරු ඇතුළත් විය යුතුය:
- ලිපි ශීර්ෂයේ සමාගමේ සම්පූර්ණ නම සහ ලිපිනය
- ඔස්ට්‍රේලියානු සමාගම් අංකය (Australian Company Number) (ACN) හෝ සංස්ථාගත කිරීමේ සහතිකය (Certificate of Incorporation)
- සමගම වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයාගේ නම
- සමාගම වෙනුවෙන් ඉටු කළ හැකි ක්‍රියාකාරකම් ලැයිස්තුව (උදා: ලියාපදිංචිය අලුත් කිරීම)
සමාගමකට ලිපි ශීර්ෂයක් නොමැති නම්, නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමේ බලය පැවරීමේ ආකෘති පත්‍රය (Authority to Act as an Agent form) [PDF 253 Kb] (External link) පිළිගත හැකිය.
පහත සඳහන් ක්‍රියාකාරකම් වෙනත් කෙනෙකු වෙනුවෙන් කළ නොහැක:
- පරීක්ෂණයක් කිරීම
- රාජකාරි දිනපොතක් මිලදී ගැනීම
- ඡායාරූපයක් ගැනීම
ප්‍රයෝජනවත් සබැඳි (ලිනක්ස්)